Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අද හඳුනාගත් ආසාදිතයින් ගණන 13ක්, සමස්තය 2687 දක්වා ඉහළට

(යාවත්කාලීන කිරීම පස්වරු 10.16)

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (16) පස්වරු 8.00 වන විට 2687 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. අද (16) දිනය තුළ දී ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වූ රෝගීන් 12 දෙනාගෙන් 8 දෙනෙක් බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වේ. අනෙක් සිව් දෙනා කටාර්හි සිට ද තවත් එක් අයෙක් එක්සත් අරාබි එමීර්හි සිට ද පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

අද (16) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගේන 2007 දෙනෙකු සුවය ලබා ඇත.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 669 දක්වා ඉහළ ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top