වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට පිටතින් වනාතමුල්ල , සීවලි පටුමග දෙසින් තහනම් භාණ්ඩ ඇතුළත් පාර්සල් 18 ක් දමා තිබියදී බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන ඇත .
මෙම භාණ්ඩ අතර ජංගම දුරකතන 36ක් ,බැටරි 264 ක් , සිම්පත් 20 ක්, බුලත්, පුවක් මත්ද්‍රව්‍ය , හෙරොයින්, මාවා, දුම්කොළ, ගංජා ,දන්තාලේප, සබන් , සුවඳ විලවුන්, රෙදිපිළි, සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම, මුහුණු ආවරණ ද තිබී ඇති බව බන්ධනාගාරය සඳහන් කළේය.
මීට පෙර මෙම ස්ථානයෙන් තහනම් භාණ්ඩ දැමීමට උත්සාහ කළ සැකකරුවන් 7 දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවත්, මින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා සියලුම භාණ්ඩ පොලීසිය භාරයට දෙන ලෙසත් උපදෙස් දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත්
- බන්ධනාගාරයට තහනම් බඩු උඩින් වීසි කළ දෙදෙනෙක් මාට්ටු
- වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හා බූස්ස බන්ධනාගාරයෙන් තවත් තහනම් භාණ්ඩ රැසක් හමුවේ
- වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙනුත් තහනම් භාණ්ඩ සොයා ගනියි
