අඟුලාන පොලිස් ස්ථානය අසල මේ වන විට ප්රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.
පොලිස් ස්ථානය අසල ට රැස් වු ජනතාව විසින් පොලීසිය දෙසට ගල්මුල් ප්රහාරයක් එල්ල කර ඇති අතර පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇති බව ද වාර්තා වේ.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.
මෙලෙස කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතුවී ඇත්තේ, පසුගිය දා අඟුලාන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද(16) උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වීමයි.
