ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (16) දින පෙරවරු 10.00 වන විට 2674ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 08 දෙනෙකුම විදෙස්ගතව සිට මෙරටට පැමිණි ආසාදිතයින් වේ. ඔවුන්ගෙන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයින් සිව් දෙනා කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
එක් ආසාදිතයෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බඹරදෙණියේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.
මේ වන විට, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 506ක් වේ. කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 534ක් වේ.
එමෙන්ම, අද (16) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2007 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 656ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2674ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 75.06%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (16) දිනයේ දී එය 24.5%%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.41%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 899 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 07 ක් පමණි.
දැනට වාර්තා වී ඇති රෝගීන් 2674 දෙනා අතරින්,
- නිරෝධායන මධ්‍යස්ථානවල (විදේශවල සිට පැමිණි කණ්ඩායම්) – 802
- නිරෝධායන මධ්‍යස්ථානවල(දේශීය) – 78
- නාවික හමුදාව – 906
- අනෙකුත් හමුදාවන් – 17
- විදේශික – 31
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය – 506
- වැලිකඩ බන්ධනාගාරය – 01
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 130,390ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.
මේ මාසයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සහ වාර්තා වී ඇති රෝගීන් ගණන පහතින් දැක්වේ.
- ජුලි 01 – 1,296 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 07
- ජුලි 02 – 1,399 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- ජුලි 03 – 1,519 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
- ජුලි 04 – 852 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 05
- ජුලි 05 – 599 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුලි 06 – 1290 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- ජුලි 07 – 1610 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුලි 08 – 1182 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුලි 09 – 1424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 60
- ජුලි 10 – 1749 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 300
- ජුලි 11 – 1341 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 57
- ජුලි 12 – 2251 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 106
- ජුලි 13 – 1310 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- ජුලි 14 – 2288 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 19
- ජුලි 15 – 2470 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 09
ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඊයේ (15) දිනය තුළ දී සිදු කර ඇත.

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (16) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 656 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 67ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 85ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 00 ක් ද,
- ඉරණවිල රෝහලේ 24ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 46ක් ද,
- හෝමාගම රෝහලේ 00ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 11ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 62 ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 358 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 168 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
