මතුගම ප්‍රදේශයේ නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වූ ජල නළ එලීමේ ව්‍යාපෘතියක් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් සිය විරෝධය පළ කර තිබෙනවා.
බුලත්සිංහල, කඳන ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා නළ එලීමේ කටයුතු මේ දිනවල මතුගම ප්‍රදේශයේ සිදු වන අතර එම ව්‍යාපෘතිය නිසි ප්‍රමිතියකින් තොරව සිදු වන බවට ලද තොරතුරක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (16) එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ අවස්ථාවේ දී, ව්‍යාපෘති භාර නිලධාරියෙකු පැමිණ මන්ත්‍රීවරයා විසින් එම අවස්ථාවේ දී පෙන්වා දුන් ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බව පැවසුවා. පසුව එම ස්ථානයට පැමිණ සිටින පොලිස් නිලධාරීන්ට මෙම සිද්ධිය පැමිණිල්ලක් ලෙස සටහන් කර ගන්නා ලෙස තෙවරප්පෙරුම මහතා විසින් පැවසූ අතර පොලීසිය විසින් එම පැමිණිල්ල සටහන් කර ගැනීමට ද කටයුතු කළා.
අනතුරුව, අදාළ ව්‍යාපෘතිය භාර නිලධාරියා විසින් ව්‍යාපෘතියට අදාළ ගැටළු නිවැරදි කරන බවට පොරොන්දු වූ පසුව පොලිස් නිලධාරීන් ඉදිරියේ දී පැමිණිල්ල සමථයකට පත් කර ගැනීමට කටයුතු සිදු විය. අනතුරුව යළිත් තෙවරප්පෙරුම මහතා විසින් ව්‍යාපෘතිය භාර නිලධාරියාගෙන් ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න කළා.
පසුව තෙවරප්පෙරුම මහතා විසින් පිළිසකර කිරීම් අවසන් කොට තිබූ ස්ථානයක් හාරා එම ස්ථානය නිරීක්ෂණය කළ අතර එම ස්ථානය ද ප්‍රමිතියෙන් තොරව පිළිසකර කිරීම් සිදු කර ඇති බවට හෙළි වුනා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය අනාගත පරම්පරාවකටත් දායාද කළ හැකි අයුරින් ඉදිකළ යුතු බවත්, කිසිවෙකුගේ හෝ බලපෑමකට යටත්ව මෙය නිසි පරිදි සිදු නොවුනහොත් එය ජාතික අපරාධයක් බවයි.
ඒ පිළිබඳ වීඩියෝව පහතින්.
