Advertise with Giraya
NEWS

කන්දකාඩු පොකුරේ 64ක් උපදේශකයින් ඇතුළු කාර්ය මණ්ඩලය

මේ දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ 533 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි, කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

එනම්,

  • පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින් – 444 ක්
  • උපදේශකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් – 64 ක්
  • ඔවුන් හා සම්බන්ධ ආශ්‍රිතයින් (ඊයේ වාර්තාවූ පුද්ගලයා ද ඇතුළුව) – 25ක්, වශයෙනි.

මේ අතර මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයින් සහ පුනරුත්තාපනය වෙමින් සිටින සියලු දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී අවසන් බව ද යුද හමුදාපතිවරයා පැවසී ය.

Giraya News Alerts

තව ද, කන්දකාඩු වෙත පැමිණි අමුත්තන්ගේ පවුල්වල පිරිස් මේ වනවිටත් නිරෝධායනය ලක් කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ වාර්තා ලැබීමට නියමිතව ඇති බැවින් එකී වාර්තා ලද වහාම සමාජය තුළ ආසාදිත විය හැකි පුද්ගලයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසිය.

කෙසේ වෙතත්, කන්දකාඩු තත්තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර, ඊයේ (15) දිනයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙකු සොයා ගැනුණු අතර ඉන් 8 දෙනෙකුම විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් හඳුනා ගැනුණු අතර අනෙක් පුද්ගලයා වාර්තා වූයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයෙකුගේ, ආශ්‍රිතයෙකු ලෙසයි.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2674ක් ලෙස වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. සුවය ලද ආසාදිතයින් ගණන 2001ක් වේ. ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 662ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top