සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය. ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
දැනට පනවා ඇති මුහුණු ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම හා නිරන්තරයෙන් අත් සේදීම වැනි කරුණු ගැන ජනතාව සැලකිලිමත් නොවන්නේ නම්, වසංගතය රට ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ කටයුතු සඳහා ද එය බරපතල ලෙස බාධාවක් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.
ඒ නිසාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් පත්‍රය නොමැති වීම තම කටයුතු සඳහා විශාල බාධාවක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
ගැසට් පත්‍රය පළ නොකරන්නේ නම් ඡන්ද විමසීම සිදුකිරීමට අපහසු බව කොමිෂන් සභාව විසින් මේ වන විට සාකච්ඡා කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේය.
ඒ අනුව, ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
