අමෙරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ගේ ට්විටර් ගිණුම්වලට ඊයේ (15) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයින් ලෙස සැලකෙන බිල්ගේට්ස්, එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් යන අයගේ ට්විටර් ගිණුම්වලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙහිදී හැකර්වරුන් විසින් මුදල් වංචාවන් සිදුකිරිමට උත්සහ දරා ඇති බව සඳහන් වේ.
බැරක් ඔබාමා, ජෝ බින්ඩ්, කැනී වෙස්ට් යන අයගේ ට්විටර් ගිණුම්වලට ද මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් ආයතන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සයිබර් ප්‍රහාරයට ලක්වූ ට්විටර් ගිණුම් යළි යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන ඇති බවය.
