Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අවුරුදු 3 හමාරක දැරියක්ව කිඹුලෙක් ඇදගෙන යයි

මීගලෑව පොලිස් වසමේ යාය 3 ඇළේ, දිය නාමින් සිටියදී අවුරුදු 3 හමාරක දැරියක් කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම දැරිය තම මව සමඟ ඊයේ (15) සවස 4.30ට පමණ දිය නාමින් සිටිය දී දැරියව කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් තිබේ.

පසුව, ප්‍රදේශවාසීන් හා මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරීන් එක්ව දැරිය කිඹුලාගේ ග්‍රහනයෙන් බේරා ගෙන, තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දැරිය මියගොස් ඇතැයි මීගලෑව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Giraya News Alerts

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 හමාරක් වු ලීකොළ වැව, උස්ගල සියඹලාංගමුව ප්‍රදේශයේ පදිංචි දැරියකි. මියගිය දැරියගේ මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර මීගලෑව පොලීසිය සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top