සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛසරයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) දින සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.
අද දින මේ දක්වා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. එක් රෝගියෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයෙක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම, මේ වන විට නිරෝධායනයට ලක්වෙන අය අතර කුරුණෑගල 73 දෙනෙක් සහ නිකවැව 73 දෙනෙක් වශයෙන් මධ්‍යස්ථාන දෙකක නිරෝධායනයට ලක්වෙනවා. මොවුන් කොළඹ පැවති පුනරුත්ථාපන යම්කිසි රැස්වීමකට පැමිණ එහිදී ආසාදිතයෙක් සමඟ සමීප සම්බන්ධ වීම නිසා තමයි නිරෝධායනයට ලක්කර තිබෙන්නේ. ඒ වගේම, කුණ්ඩසාලේ රෝගීන් දෙදෙනා ආශ්‍රිතව 150ක් පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලන් කර තිබෙනවා. ඒ වගේම, එම කුණ්ඩසාලේ රෝගියාට සම්බන්ධ පවුල් කිහිපයක් කෑගල්ලේත් නිරෝධායනයට ලක් වෙමින් පවතිනවා.
ඒ වගේම, මාතර අපරැක්ක ප්‍රදේශයේ 100ක පමණ සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. දැන් මේ ආකාරයට තමයි මේ විවිධ ප්‍රදේශවල නිරෝධායනයට ලක්වෙමින් පවතින්නේ. ඒ වගේම අපට විශේෂයෙන් කියන්න පුළුවන් ඊයේ සහ පෙරේදා දිනවල රාජාංගනය ප්‍රදේශයේ ගනු ලැබූ පී.සී.ආර්. සාම්පල 395ට අනුව එම 395 කෝවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඒ වගේම, රාගම පෞද්ගලික රෝහල සම්බන්ධව සිද්ධියට මුහුණ පෑ අය සම්බන්ධව ගනු ලැබූ සියලුම පී.සී.ආර්. පරීක්ෂණ මඟින් ඒ අයත් අසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.
ඒ වගේම, අද දිනත් කුණ්ඩසාලෙන් 101, කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74 දෙනෙක් ඒ වගේම තන්තිරිමලේ රන්ටැඹේ අර දෙමාපියන් ඒ අයගෙන් 266ක පමණ ප්‍රමාණයක් සහ පොළොන්නරුව රෝහලට පැමිණෙන අයගෙන් සාමපලයක් ලෙස 200 ක පමණ ප්‍රමාණයක් සහ රාජාංගනයෙන් 150ක පමණ ප්‍රමාණයක් ඇතුළුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ ඳහා සාම්පල ලබාගෙන තිබෙනවා. ජා ඇල, කොටුගොඩ පල්ලිය තත්ත්වය ගත්තත් එහිදී ආසාදිතයෙකු පැමිණීම නිසා තමයි තත්ත්වය අති වී තිබෙන්නේ. නමුත් දැන් එය සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා. දැන් එම පල්ලියට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර ලබා දී තිබෙනවා.
මෙහිදී විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වී තිබෙනවා මේ රටේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ. ඒ විශ්වවිද්‍යාල වෙන්න පුළුවන. නේවාසිකාගාර වෙන්න පුළුවන්. දැනටත් ඉදිරියටත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩිවශයෙන් ඉන්න ස්ථානවල ඒ වගේම කාර්යාලවල ඒ ආයතන ප්‍රධානීන් යම්කිසි ආකාරයකට වගවීමකට ලක්වීම, එම ආයතන වල සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්. ඔවුන්ට උණ තිබෙනවද ශ්වසන රෝග තිබෙනවාද ආදී වශයෙන් සොයාබැලීම. ඒ වගේම එසේ රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම. යම්කිසි ආකාරයකින් එවැනි තත්වයක් තිබෙනවා නම් සේවයට වාර්තා නොකර සිටීම. ඒ වගේම සේවා ස්ථානවල එක් එක් ඒකක ගත්විට එම ඒකක හැකිතාක් දුරට වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම. වෙන් වෙන් ඒකක වල අය හමුනොවී වෙන්වෙන් වශයෙන් පැමිණ පිටවීමට අවස්ථාව සැලසීම ආදිය පවත්වා ගත යුතු වෙනවා.
මෙය ඇත්තෙන්ම හුදෙක් මෙම අවස්ථාව ගැන පමණක් සිතා නෙමෙයි ඉදිරියටත් පවත්වා ගත යුතු තත්වයක්. මොකද අපි දන්නවා මේ වනවිට ජනතාවගේ ගමන් බිමන් හැසිරීම් රටා යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තිබෙනවා. මෙම තත්වයන් නැවත හොඳ අතට හරවා ගැනීම විශේෂයෙන්ම ආයතනවල පවත්වා ගැනීම ආයතන ප්‍රධානීන් අංශ ප්‍රධානීන් සතු වගකීමක් බව කීමට අවශ්‍යයි. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමත් ඒ අනුව ඔවුන් වගවීම යම්කිසි ලෙසකට සහතිකවීම වැදගත් වෙනවා.
