Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හිඟුරක්ගොඩ ආපනශාලාවක්, ව්‍යාපාරික ස්ථානයක් හා කඳුරුවෙල ව්‍යාපාරික ස්ථානයක් වසා දමයි

හිඟුරක්ගොඩ ආපනශාලාවක් සහ කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය සඳහන් කරයි.

කෝවිඩ් – 19 ආසාදිත බවට ඊයේ (14) දිනයේ දී තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව සිටි, හිඟුරක්ගොඩ හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකු ආහාර ලබා ගත් ආපනශාලාව මෙසේ වසා දමා තිබේ.

ආසාදිත හමුදා නිලධාරියා විසින් හිඟුරක්ගොඩ බස් නැවැතුම්පොළ ඉදිරිපිට ඇති ආපනශාලාවෙන් දින කිපයක් ආහාර ලබා ගෙන ඇති බවත්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි ආයතන තුනකට ද මෙම යුද හමුදා නිලධාරියා ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. ඒ අනුව, එම ආපනශාලාවත් වෙළඳ ආයතන දෙකක් එහි සේවක සේවිකාවන් නිවාස තුළ ස්වයං නිරෝධානය කිරීමට කටයුතු කළ බව නිල්මිණි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Giraya News Alerts

මේ වන විටත්, එම වෙළඳසැල්වළට ආ ගිය පිරිස පිළිබඳව සොයා බලා එම පුද්ගලයින් නිවාස තුළ ස්වයං නිරෝධාන කිරීමටත් ආපනශාලාව සහ වෙළඳ ආයතනයේ කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු කරන බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top