Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් දැනුම් දීමක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පල කරනු ලබන තොරතුරු මත පදනම්ව පමණක් කටයුතු කරන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මහජනතාවට දැනුම් දෙයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.

මේ වන විට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් සමීපව ඇසුරු කළ හෝ කිසියම් ආකාරයක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක්කරමින් සිටින බව ද චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

Giraya News Alerts

මෙම ක්‍රියාමාර්ගය කොවිඩ්-19 වෛරසය සමාජය තුළ පැතිරීම වැළැක්වීමේ සාර්ථක පියවරක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. එසේ කිරීමෙන්, ඔවුන් කිසිසේත්ම කොවිඩ් ආසාදිතයින් ලෙස අදහස් නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top