Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බන්ධනාගාරයට තහනම් බඩු උඩින් වීසි කළ දෙදෙනෙක් මාට්ටු

කළුතර ජාවත්ත බන්ධනාගාරය තුළට හෙරොයින් අඩංගු පාර්සල් 02 ක් විසි කිරීමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම බන්ධනාගාරය අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී, සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර තාප්පයට ඉහළින් පාර්සල් 02 ක් විසි කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. එම පාර්සල් තුළ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 500 ක්, ජංගම දුරකථන 02 ක්, චාර්ජර් 02 ක් සහ දුම්කොළ 19 ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවත් සඳහන් වෙයි.

එසේම, ඔවුන් දෙදෙනාගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා. අදාළ සැකකරුවන් 13 දෙනා සතුව තිබූ හෙරොයින් ග‍්‍රෑම් 13 යි මිලිග‍්‍රෑම් 730 ක් ද උතුරු කළුතර පොලිසියේ නිළධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

Giraya News Alerts

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් කළුතර උතුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (15) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top