Advertise with Giraya
NEWS

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් ගාමිනි සෙනවිරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදී, ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජය පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවන බව ද එම සාකච්ඡාවේ දී සඳහන් කර තිබේ.

Giraya News Alerts

විගණන වාර්තාවකට අනුව, 2009 සිට 2017 දක්වා කාලය තුළ එම පෞද්ගලික සමාගමට රුපියල් මිලියන 7,467.65 ක් ගෙවා ඇති අතර ගිවිසුම කල් ඉකුත් වූ පසු 2016 මාර්තු සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ තවත් රුපියල් මිලියන 1,856.65 ක් ගෙවා තිබේ.

රජය පවසන්නේ, ඒ අයුරින් භාණ්ඩාගාරයට පැමිණිය යුතු මුදල් අනවශ්‍ය ආකාරයෙන් පෞද්ගලික සමාගමකට යන බවයි. ඒ අනුව, මෙම මුදල් නාස්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමෙන් ඉවත් කර ලබන වසරේ සිට එය හමුදාවට භාර දීමට තීරණය කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top