Advertise with Giraya
NEWS

ලංකාවේ 24 වැනි හමුදාපති පත් කෙරේ

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ.

අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු, 1985 වසරේ දී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් විය. 1987 වසරේ දී උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් උළුගේතැන්න මහතා 2015 වසරේ දී රියර් අද්මිරාල් ධූරයට පත් කෙරිණ.

නව පදවියට පත් වීමට පෙර උළුගේතැන්න මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය හෙබවීය. ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් ද සේවය කර ඇත.

නිශාන්ත උළුගේතැන්න මහතා රණශුර, විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා ආදී පදක්කම් රැසකින් පිදුම් ලබා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top