Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විභාග දෙපාර්තුමේන්තුවේ එක් දින සේවා හා සාමාන්‍ය සේවා තාවකාලිකව නවතා දමයි

සෞඛ්‍යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත‍්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට කි‍්‍රයාත්මකවන පරිදි තාවකාලිකව වසා තැබීමට පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරයි.

අයදුම්කරුවන්ට ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල මගින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත‍්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස ලබාගත හැකියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top