ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ බැණ වැදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
දිගින් දිගටම ප්‍රසන්න රණතුංග මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාට එල්ල කරන විවේචනවලට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ලෙස මෙසේ නඩු පැවරීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ (14) පැවසීය.
ඉදිරි සති දෙක තුළදී ඊට අදාළ නීතිමය කටයුතු සිදු කරන බව කී රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඒ සඳහා පක්ෂයේ නීති අංශය විසින් අවශ්‍ය පියවර ගන්නා බවද කීවේය. ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය තුළ සිටිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය කිරීම, මැතිවරණ නීති කඩමින් අපේක්ෂකයින් විවේචනය කිරීම සහ අපහාස කිරීම ඇතුළු කාරණා පදනම් කර ගනිමින් මෙම නඩු පැවරීම සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.
