ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
තවද, එම ආසාදිතයා සමඟ සෘජු සබඳතා පැවැත්වූ ගල්කිරියාගම අවට පුද්ගලයින් හා රාජ්‍ය සේවකයින් 100 කට ආසන්න සංඛ්‍යාවකගේ තොරතුරු ඊයේ (14) සවස වන විට අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව, පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ ස්ථාන 29 ක 100 කට ආසන්න ආශ්‍රීතයන් නිරෝධායනයට ලක් කිරීමට පලාගල සෞඛ්‍ය නිලධාරීහු මේ විට පියවර ගෙන තිබේ.
-ලංකාදීප-
