Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කුණ්ඩසාලෙන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

(යාවත්කාලීන කිරීම ජුලි 15 පෙරවරු 7.48ට)

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (14) පස්වරු 9.50 වන විට 2665 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. දිනය තුළ මෙතෙක් රෝගීන් 19 දෙනෙකු වාර්තා වී තිබේ.

වාර්තා වූ රෝගීන්ගෙන්,

Giraya News Alerts
  • එක් අයෙකු රාජාංගනය ප්‍රදේශයේ පදිංචි අයෙක් ද (කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින්)
  • එක් අයෙක් ලංකාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද (කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින්)
  • දෙදෙනෙක් කුණ්ඩසාලයේ පදිංචි පුද්ගලයින් ද (කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින්)
  • සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හතරක් ද,
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයිනගේ ආශ්‍රිතයින් හතරක් ද,
  • කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙක් ද,
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් ද,
  • ඕමානයේ සිට පැමිණි සිව් දෙනෙක් (නිරෝධායනය වෙමින් සිටි) ද වේ.

අද (14) පෙරවරු 10.00 වන විට ආසාදිත වූ රෝගීන්ගේන 07 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට වී ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ ය. ඒ සමඟ, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1988ක් විය.

ඒ අනුව, දැනට ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 666ක් වේ. තවත් සැක සහිත පුද්ගලයින් 120 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top