ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (14) පස්වරු 4.15 වන විට 2651 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. දිනය තුළ මෙතෙක් රෝගීන් 05 දෙනෙකු වාර්තා වී තිබේ.
වාර්තා වූ රෝගීන්ගෙන්,
- එක් අයෙකු රාජාංගනය ප්‍රදේශයේ පදිංචි අයෙක් ද (කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින්)
- එක් අයෙක් ලංකාපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද (කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආසාදිතයින්ගෙන් ආශ්‍රිතයින්)
- ඕමානයේ සිට පැමිණි තිදෙනෙක් (නිරෝධායනය වෙමින් සිටි) ද වේ.
අද (14) පෙරවරු 10.00 වන විට ආසාදිත වූ රෝගීන්ගේන 07 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට වී ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ ය. ඒ සමඟ, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1988ක් විය.
ඒ අනුව, දැනට ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 652ක් වේ. තවත් සැක සහිත පුද්ගලයින් 120 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.
