මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය පැද වූ රියදුරා කට්ටකඩුව ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම අදාළ අනතුරට ලක් කර පලා ගිට ටිපර් රථය ද රන්න, කට්ටකඩුව, ගෝටයිම්බරගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නතර කර තිබිය දී සොයා ගෙන තිබේ.
ටිපර් රථයට යට වීමෙන් වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් සිටින අතර තවත් පොලිස් සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.
