Advertise with Giraya
NEWS

බලංගොඩ 6ක් නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාදනය වූ රත්නපුර ප්‍රදේශයේ ආසාදිතයා ඇසුරු කළ බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව වාර්තා වේ.

බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ජයවික්‍රම මහතා සඳහන් කළේ, අද (14) දිනයේ සිට ඔවුන් 6 දෙනා සිය නිවෙස්වලදීම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවයි.

මෙම පිරිසෙන්, බළංගොඩ රාස්සගල තුන් දෙනෙකු ද, සමනලවත්ත එක් අයෙක්ද වැලිපතයාය එක් අයෙක්ද, කුරගල එක් අයෙක්ද වශයෙන් ස්වයං නිරෝධනයට ලක්කර තිබේ.

මෙම පුද්ගලයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ රත්නපුර ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිත අතර මෙම පුද්ගලයින් ඇසුරු කළ වෙනත් අය පිළිබදව ද තොරතුරු සොයමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top