කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාධිත පොකුරට අයත් යුද හමුදා නිලධාරියකු ඇතුලු එම පවුලේ පිරිස ඇසුරු කළ බව කියන නිවාස 7ක පදිංචි පිරිස ඊයේ(13) රාත්‍රියේ සිට මෙලෙස ස්වයංනිරෝධායනයට යොමු කර තිබේ.
පී.සී.ආර් පිරීක්ෂණයන්ට අනුව අදාළ හමුදා නිලධාරියාට කෝවිඩ්-19 ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම ආශ්රිත පිරිස මෙලෙස ස්වයං- නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම ආසාදිත යුද හමුදා නිලධාරියාගේ බිරිය ඇතුලු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ද ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබු අතර එම පිරිස අද (14) අලුයම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට යුද හමුදාව කටයුතු කර ඇති බව ද ඔවුන්ද පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිත බව ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
