ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (13) පස්වරු 10.10 වන විට 2646 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (13) දිනයේ දී නව ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වී ඇත.
වාර්තා වූ එම රෝගීන් 29 දෙනාගෙන්,
මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙක් ද (නිරෝධායනය වෙමින් සිටි)
රාජාංගනය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් ද(රාජංගනයෙන් හමු වූ ප්‍රථම කෝවිඩ් ආසාදිතයාගේ සමීපතමයෙකු වේ),
සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 ක් ද,
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයින් 14 ක් ද, වේ.
ඒ අනුව, දැනට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 654ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබු ගණන 1981ක් වේ.
