හෙට සිට ලබන ජුලි 17 වන සිකුරාදා දින දක්වා දිවයිනේ පිහිටි සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අද පස්වරුවේ ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම විසින් මෙම තීරණය ගෙන ඇත.
දිවයිනේ කොවිඩ් 19 වර්තමාන ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ පවත් පවතින තත්ත්වය සහ සමාජ මාධ්‍යවල පළවන ඇතැමි සාවද්‍ය ප්‍රවෘත්ති පදනම් කරගෙන දෙමාපියන්, දරුවන් මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිසියම් සැකයකින් හා බියකින් පසුවන බව නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ පෙන්වා දෙයි.
දරුවන්ගේ සුරක්ෂිතභාවය පදනම්ව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ දී නිදහස් හා නිරවුල් මනසකින් සියලුදෙනා කටයුතු කළ යුතු බැවින්, එකී වාතාවරණය සකසා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වේ.
ඒ අනුව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මාර්ගෝපදේශනයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රයේ ඇති විය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා සතියක්, එනම් ජුලි 13 සඳුදා දින සිට 17 වන සිකුරාදා දින දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටියි.
එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම වන බව ද එම නිවේදනයෙන් දන්වා සිටියි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

