බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිනියක වන ඓශ්චර්යා රායිට හා ඇගේ දියණිය ආරධ්‍යා බච්චන් හට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් හටත් ඔහුගේ පියා වන අමිතාබ් බච්චන් හටත් වෛරසය වැළඳී ඇති බවට ඊයේ (11) දිනයේ දි තහවුරු විය. කෙසේ වෙතත්, අමිතාබ්ගේ බිරිඳ වන ජයා බච්චන් හට වෛරසය ආසාදිත වී නොමැති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත්
බොලිවුඩයේ දැවැන්තයෙකු වන අමිතාබ්ට සහ සුපිරි නළු අභිෂේක්ට කොරෝනා වැළඳෙයි
