Advertise with Giraya
NEWS

තවත් ආසාදිතයින් 94ක් හඳුනා ගැනේ

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (12) පස්වරු 3.50 වන විට 2605 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද දිනය තුළ දී නව ආසාදිතයින් 94ක් වාර්තා වීමත් සමඟයි.

එම ආසාදිතයින් 94 දෙනාගෙන් 76 දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් පිරිසක් වේ. තවද, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 14 දෙනෙකුට ද වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබේ.

තවත් ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ රාජාංගනයේ උපදේශකවරයා සහභාගී වූ අවමංගල්‍යය උත්සවයට හා දානයේ නිවසට පැමිණි කාන්තාවන් තිදෙනෙකු හා කුඩා දරුවෙකු වේ.

Giraya News Alerts

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 613ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1981කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top