කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අනවසරයෙන් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී ඊයේ(11) අලුයම නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. මෙම
පිරිස අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ උතුරු නාවික විධානයට අනුයුක්ත මුර යාත්‍රාවක් මගින් යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට මුහුදු සැතපුම් 11 කට ඔබ්බබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් සමඟ පුද්ගලයින් මෙම පුද්ගලයින් සිව්දෙනා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි.
ඔවුන් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමනය වීමට උත්සහ දරා ඇති බවත්,පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි අනෙක් දෙදෙනා විසින් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට ඩිංගි යාත්‍රාවක් මගින් ඉකුත් 10 වන දින පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් ඉන්දියාව දෙසට ගමන් කර සංක්‍රමනිකයින් යාත්‍රාව වෙත නංවාගෙන ඇති බවයි.
ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්‍රදේශයන් හි පදිංචි ව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවයකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්වයක් හේතුවෙන් යාපනය ශික්‍ෂන රෝහල වෙත පොලිස් ආරක්‍ෂාව යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා අද (12) දින එම පුද්ගලයා PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට සැක පල කරනු ලබන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවත් මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්‍ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද PCR පරික්‍ෂනය සඳහා යොමු කිරීමට නියමිතය.
මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රට තුළ පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යාත්‍රාව පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කරයි.





