දිවයිනේ වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්යමණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
මේ සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, 1988 යන ක්ෂණික දුරකථන අංකය යටතේ ද, 0112785818 යන ෆැක්ස් අංකය යටතේ ද, info@moe.gov.lk විද්‍යුත් ලිපිනයට ද, විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන්ට තම සේවා ස්ථානය සහ ප්‍රදේශයේ කොවිඩ් 19 පිළිබඳව තොරතුරු දැනුම් දිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

