අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ සිය ඉල්ලීම්වලට සතියක් ඇතුළත විසඳුම් නොලැබුණහොත් යළි වැඩ වර්ජනය සිදුකරන බවය.
ඊයේ (11) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත්
පෞද්ගලික බස් රථ හිමියන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි
