ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2500 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් 57ක් වාර්තා වීමත් සමඟය.
වාර්තා වූ රෝගීන්ගෙන් 13 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. එමෙන්ම, එම පොකුරේ ආශ්‍රිතයින් ලෙස රාජාංගනයෙන් පහක් (පාසල් දරුවෙක් ද ඇතුළත් වේ) ද, හබරාදුව ප්‍රදේශයේ එක් අයෙක් ද, වැලිකන්ද ප්‍රදේශයේ දෙදෙනෙක් ද, ලංකාපුර පදිංචි එක් අයෙක් හා තවත් 30 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.
මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි හතරදෙනෙකු ද, කුවේට්හි සිට පැමිණි එක් අයෙක් ද වාර්තා වී ඇත. එම පුද්ගලයින් සියලුදෙනාම නිරෝධායනය වෙමින් සිටි අය වේ.
ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2511 දක්වා වැඩි වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ගණන 520 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ දී කිසිදු ආසාදිතයෙකු සුවය ලබා නැති අතර දැනට සුවය ලැබූ සමස්තය 1980ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11ක් වේ.
