ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු වන අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල් ගත කොට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් මේ බව සනාථ කර තිබෙනවා.
ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහ නිවසේ සේවය කරන්නන්ද කොරෝනා පරීක්ෂණයට භාජනය කොට ඇති අතර එහි ප්‍රතිඵල අද(12) දිනයේ දී ලැබෙන බව සඳහන් වේ.
අට වැනි දිනයටත් ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිතවූවන් 22,000 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා විය. දැනට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මිලියන 2.3 ඉක්මවා ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ දී ආසාදිතයින් 27,114ක්ද මරණ 519ක් ද වාර්තා විය.
