MCC ගිවිසුම ඉරා විසිකර දමන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (11) අකුරැස්සේ පැවති ජන හමුවක දීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව අමෙරිකාව ඉදිරියේ දණ ගසා ඇති බවයි. මහ මැතිවරණයෙන් ජය ලබනු ඇතැයි අපේක්ෂාවෙන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් තැබීම කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
