(යාවත්කාලීන කිරීම පස්වරු 8.45ට)
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද(10) පස්වරු 7.50 වන විට 2450 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද (10) දිනය තුළදී තවත් නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමෙන් ය.
මෙම ආසාදිතයින් 13 දෙනාම විදෙස්ගතව පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. එම පිරිස අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙකු ද, ඉන්දියාවේ සිට පැමිණි 09 දෙනෙකු ද, පාකිස්ථානයේ සිට පැමිණි එක් අයෙකු ද වේ.
තවද, අද පස්වරු 5.00 වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 87 වාර්තා වී තිබෙන අතර මෙම 87 දෙනා ද ඇතුළුව මේ වන විට එම පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 341ක් වේ.
ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 459 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (10) දිනයේ දී එක් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව, දැනට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 1980ක් වේ.
