බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වන බව වාර්තා වේ. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ වෙන වෙනම සිරමැදිවල රදවා සිටින රැදවියන් 14 දෙනෙකු වේ.
දිනකට පැයක පමණ කාලයක් සිරමැදිරිවලින් ඔවුන්ට පිටත සිටීමට අවස්ථාව හිමි වන අතර එම කාලය තවත් වැඩි කරන ලෙස ඉල්ලමින් එම රැදවියන් පිිරිස ඊයේ(09) සිට ආහාර වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.. මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ කොස්ගොඩ තාරක, වෙලේසුදා, කංජිපානි ඉම්රාන්, සුසෙයි, පොඩි ලැසී ඇතුළු ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් 14 දෙනෙක් ය.
සම්බන්ධිත පුවත්
- බූූූූූස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
- බූස්ස විශේෂ ගණයේ රැඳවියන් ආහාර වර්ජනයක
