Advertise with Giraya
NEWS

සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 15% දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (10) දින පෙරවරු 10.00 වන විට 2350ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ගත වූ පැය 24 තුළදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වූ 256ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එයින් රෝගීන් 253 දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ. එයින්, දෙදෙනෙකු බංග්ලාදේශයේ හා කටාර්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු වේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවය සිදු කළ මාරවිල කාන්තාව පසුගිය ජුලි 09 වන දින වාර්තා විමට පෙර අවසන් වරට බාහිර සමාජයෙන් රෝගියෙකු වාර්තා වූයේ අප්‍රේල් 22 වන දින දී ය.

මේ වන විට, එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් 119ක් ද, මාරවිල කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇගේ ආශ්‍රිතයින් 40ක් ද නිරෝධායනය වෙත යොමු කර තිබේ. තවද, එම මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා ගොස් සිටි කාර්ය මණ්ඩලයේ පිරිස් කටුකැලියාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

මීට අමතරව, සේනපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 144 දෙනෙකු සහ හැඳල රෝහලේ දී මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය කොට නිවෙස්වලට යැවූ 50 දෙනෙකු අද (10) දිනයේ දී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, දිනක් තුළදී මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2350ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 84%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 5% සිට 15%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.47%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 894 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 11කි.

දැනට වාර්තා වී ඇති රෝගීන් 2350 දෙනා අතරින්,

  • නිරෝධායන මධ්‍යස්ථානවල (විදේශවල සිට පැමිණි කණ්ඩායම්) – 758
  • නිරෝධායන මධ්‍යස්ථානවල(දේශීය) – 78
  • නාවික හමුදාව – 906
  • අනෙකුත් හමුදාවන් – 15
  • විදේශික – 30
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය – 253

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 118,981ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.

මේ මාසයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සහ වාර්තා වී ඇති රෝගීන් ගණන පහතින් දැක්වේ.

  • ජුලි 01 – 1,296 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 07
  • ජුලි 02 – 1,399 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • ජුලි 03 – 1,519 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
  • ජුලි 04 – 852 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 05
  • ජුලි 05 – 599 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
  • ජුලි 06 – 1290 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • ජුලි 07 – 1610 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
  • ජුලි 08 – 1182 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • ජුලි 09 – 1424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 256

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (10) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 359 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 19ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 33 ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 00 ක් ද,
  • ඉරණවිල රෝහලේ 07ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 24ක් ද,
  • හෝමාගම රෝහලේ 00ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 15ක් ද,
  • තෙල්දෙණිය මූලික රෝහලේ 00ක් ද,
  • යුද හමුදා රෝහලේ 06ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 252 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 37 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top