කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී එහි පැමිණි ඔවුන්ගේ ඥාතින් 119 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
මෙම ඥාතීන් සියලු දෙනා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුව රැඳවියන් හමු ව ඇති බව ද පැවසු හමුදාපතිවරයා, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් හා හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බව ද පැවසීය.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයින් බැලීමට පසුගිය මාර්තු, අප්‍රේල්, මැයි යන කාල සීමාවේදී අවසරය හිමි නොවූ බවද මෙහිදී යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.
මේ අතර සේනපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 144 දෙනෙකු ගේ සහ හැඳල රෝහලේදී තවත් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරිමට නියමිතව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. හැඳල ප්‍රදේශයට කැඳවා ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය කොට නිවෙස් වලට යැවු අය බව ඔහු පැවසුවා.
මිට අමතරව, කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිට නිවාඩු ලබා ගොස් සිටි කාර්ය මණ්ඩලයේ පිරිස් කටුකැලියාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට ඊයේ (09) දිනයේ හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවගේ පවුලේ සමාජිකයින් ද මේ වන විට නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඇයගේ ආශ්‍රිතයින් ලෙස තවත් පුද්ගලයින් 40ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- මාරවිල ප්‍රදේශයේ නිවාස 10කට අයත් පිරිස ස්වයං නිරෝධායනයට
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196කට කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි
- වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසර නාවික හමුදා රෝහලට
