Advertise with Giraya
NEWS

වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසර නාවික හමුදා රෝහලට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිය දී කෝවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වූ රෝගියා සමඟ බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06 වැනිදා නිදහස්ව ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (09) රාත්‍රී වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා රෝහලට රැගෙන යනු ලැබුවේ කෝවිඩ් – 19 ආසාදනය වී ඇද්දැයි පී.සී.ආර් පරීක්‍ෂණයක් කිරීම සඳහා බව කුරුවිට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.

මේ අතර මෙම පුද්ගලයාගේ මව්පියන් පදිංචි නිවසත් එහි සිටි ඔහුගේ බිරිඳ, දරුවා ඇතුලු සිව් දෙනෙක් නිරෝධායනයට ලක්කළ බවත් කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Giraya News Alerts

මෙම පුද්ගලයා කුරුවිට නඩුකාරදෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් රත්නපුර කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස මොහු සේවය කරන බවත් ගංජා ළඟ තබා ගැනීමේ වරදකට මොහු පසුගිය 02 වැනිදා බන්‍ධනාගාර ගතව වැලිකඩ රඳවා තිබී 06 වැනිදා මුදාහැර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top