පවතින කොවිඩ් – 19 වසංගත තත්වය සැළකිල්ලට ගනිමින්, එළඹෙන සැප්තැම්බර් මාසයේ පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ලබන වසරේදී මෙම තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය එකගතාව පළ කර තිබෙනවා. ඒ, ඊයේ (09) පැවැති ආසියානු කි‍්‍රකට් කවුන්සිල විධායක රැස්වීමේදී ය.
මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය මෙම වසරේදී නොපැවැත්වෙන බව ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ද පසුගියදා (08) ප්‍රකාශ කළේ ය.
