Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මාරවිල ප්‍රදේශයේ නිවාස 10කට අයත් පිරිස ස්වයං නිරෝධායනයට

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10ක පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Giraya News Alerts

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සඳහා වෙන්කොට ඇති මධ්‍යස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයට පුද්ගලයන් ඇතුළත් කරන්නේ ද පි.සි.ආර් පරික්ෂණවලින් අනතුරුව බවත් එහෙත් එහි සමාජිකයන් ආසාදනයට ලක්වුයේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top