Advertise with Giraya
NEWS

අද වාර්තා වූ රෝගීන් ගණන 60ක්, සමස්තය 2154 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (09) පස්වරු 7.00 වන විට 2154 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අද, දිනය තුළදී රෝගීන් 60 දෙනෙකු වාර්තා වීමත් සමඟය.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් අද දිනය තුළ දී කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 56 දෙනෙකු හා එම මධ්‍යස්ථානයේ සේවය කරන මාරවිල ප්‍රදේශයේ එක් කාන්තාවක් ද හඳුනාගෙන තිබේ. මීට අමතරව, බංග්ලාදේශයේ හා කටාර්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද, පූනෑව නිරෝධායනය මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා සාමාජිකයෙක්ට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය කොරෝනා ආසාදිතයින් ගණන 164 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් 45 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Giraya News Alerts

අද පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1979ක් වේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top