මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල අද (09) රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර සඳහන් කරයි. සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රන් සංචිත අඩු විම හේතුවෙන් මෙලෙස රත්ත්‍රන් මිල ඉහල ගොස් ඇති බවයි.
කැරට් 22 රන් පවුමක වෙළදපල මිල ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් ඇති බවත් අද ( 09) දිනයේදී එය රුපියල් 93,000ක අගයක් ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට රත්ත්‍රන් පැමිණීම අඩාල වී ඇති බැවින් යළි ගුවන් සේවා ඇරඹීමෙන් පසු රන් මිලෙහි ස්ථාවරත්වයක් ඇති වනු ඇති බව සහකාර අධ්‍යක්ෂක ඉන්දික බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කරයි.
කොරෝනා වසංගතය ආරම්භයේදී කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 82,000 -84,000 අතර මිලකට පැවති අතර පවතින තත්ත්වය මත ඉදිරියේදී රන් පවුමක මිල ඉදිරියේදීත් තවත් ඉහළ යනු ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා මුද්‍රා තැබීමේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
