කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට පසුගියදා (07) කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු විය.
ඒ අනුව, කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලයේ 450ක් පමණ පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. සිදු කරන ලද පරීක්ෂණවලින් ජුලි 09 වන දින පස්වරු 3.15 වන විට එම පිරිසෙන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ තහවුරු කරයි.
එසේම, ජුලි 09 වන දින උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කෝවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස සේවය කරන තැනැත්තියකි.
මේ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

