මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කිරීමත් සමග මෙරට කඩා වැටුණු ආර්ථිකය පණගැන්වීම වැඩසටහන් 3ක් යටතේ සිදු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ය.
එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා පළමුව ජනතාවගේ අතට මුදල් ලබා දිය යුතු බවයි. ඒ සඳහා ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන ඉක්මන් වැඩසටහන් 3ක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ සඳහා පළමුව සුළු හා මධ්‍යම පන්තියේ සිට දෛනික වැටුප් ලබන,ස්වයං රැකියා කරන, සමාජයේ අසරණම පන්තිය වෙනුවෙන් එක් පවුලක් සඳහා මසකට රුපියල් 20,000 බැගින් මුදලක් තමා මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව ලබා දෙන බව ඔහු කියා සිටියේය.
එපණක් නොව ජයග්‍රහණයෙන් පසු ගතවන පළමු පැය 24 තුළ නිසැක වශයෙන්ම තෙල් මිල අඩු කර ජනතාවට සහන සලසන බවත් සජිත් ප්‍රේමදාස පැවසීය.
පවතින ආණ්ඩුව විසින් සහන පොලියට ණය ලබා දෙන බව පැවසුව ද මෙතෙක් එම සහන පොලියට ණය ලබා ගත් අයෙක් තමන්ට සොයා ගැනීමට නොහැකි වූ බව ද ඔහු පැවසීය.එබැවින්, තෙවන කරුණ වශයෙන් ජයග්‍රහණයෙන් පසුව කුඩා හා මධ්‍යම පාන්තික ව්‍යාපාරික කේෂ්ත්‍රයේ සියලු දෙනාට හා ආර්ථික උපකාරයක් බලාපොරොත්තු වන සෑම පවුලකටම සියයට 4 සහන පොළියට ණය ලබා දෙන බවත් ඔහු පැවසීය.
