Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

පැය 9කට පසුව බදුර්දීන් CIDයෙන් පිටව යයි

යාවත්කාලීන කිරීම පස්වරු 10.55ට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට අද (09) උදෑසන 11.30ට පමණ පැමිණි රිෂාඩ් බදුර්දීන් මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ පැය 9කට ආසන්න කාලයක් පාස්කු ඉරු දින සිදු වූ බෝම්බ ප්‍රහාරයට අදාළව සාක්ෂි දීමෙන් අනතුරුව රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයෙන් පිටව ගිය බවයි.

Giraya News Alerts

____________________________________________________________________________

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට පැමිණ තිබෙනවා.

පාස්කු ඉරු දින සිදුවු බෝම්බ ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

මේ වන විට හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top