Advertise with Giraya
POLITICS

මැතිවරණයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා තෙවරප්පෙරුම යළිත් මැතිවරණ සටනට

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම තමන්ට සිය අපේක්ෂක ධූරයෙන් ඉවත්වීමට ඇති හැකියාව පිළිබඳව විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (08) දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.

නමුත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස්වීමට නොහැකි බවයි. එම නිසා ඔහුගේ ඉල්ලා අස්විමේ ලිපිය මැතිවරණ කොමිෂන් සභාව විසින් භාර ගෙන නොමැත.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම පැවසුවේ තමන්ට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි බැවින් යළිත් මැතිවරණ සටනට අවතීර්ණ වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, ” මගේ අවුරුදු 23ක් වයසැති පුතා නැති වුනා. දැන් අවුරුදු පහක් වෙනවා පුතා නැතිවෙලා. මං පුතා වෙනුවෙන් දාපු කටවුට් එක… මතුගම පොලීසියේ තිරිසන්නු ටිකක් ඉන්නවා. මගේ මැරිච්ච පුතා නැවත වරක් උඹලා මරන්න එපා කියලා කියද්දී… නෝනට පේන්න කටවුට් එක කඩලා..ඒක එයා ඉස්සරහ පාගලා බිම දිගේ ඇදගෙන ගියා.. මගේ පුතාගේ කටවුට් එක ඉරුවේ දේශපාලනය හින්දා.. ඉතින් මං කල්පනා කළා මේ දේශපාලනයෙන් සදහටම සමුගන්න.” යැයි පැවසුවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ “එතුමා අඩු ගානේ ලියුමවත් භාර ගත්තේ නැහැ.. ඉල්ලා අස්වෙන්න බැහැ කිව්වා.. ඉල්ලා අස්වෙන්න එපා කිව්වා.. මට ඉල්ලා අස්වෙන්න බැරි නම්.. ඒ හින්දා මං මගේ මැතිවරණ කටයුතු නැවත පටන් ගන්නවා” යනුවෙනි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top