වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කාන්තා අංශයේ ‘වයි‘ වාට්ටුවේ සඟවා තිබූ දුරකථන 12 ක් , බැටරි 113 ක් හා සිම් කාඩ්පත් 5 ක් ඊයේ (08) සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙම ‘වයි‘ වාට්ටුවේ කාන්තා සිරකරුවන් 170 ක් පමණ සිටින බව ද සඳහන් වේ.
රැඳවූවන්ට ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ ලබාදීම සඳහා ආධාර අනුබල දෙන බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසනවා.
මීට අමතරව, බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් විශේෂ අංශයේ සිර කරුවන් රඳවා සිටින සිර මැදිරි සහ ඒ අවට කරන ලද සෝදිසි මෙහෙයුමක දී එම සිර මැදිරිවල අපද්‍රව්‍ය වැසිකිළි වලට ගලායන කාණු වල සඟවා තිබූ දුරකථනයක් බැටරි දෙකක් හා සිම් කාඩ්පත් දෙකක් ඊයේ (08) දිනයේ දී සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.
මේ මස 01 දින සහ 05 වැනි දිනද බන්ධනාගාරයේ සිර මැදිරිවල තිබි ජංගම දුරකථන සිම් කාඩ්පත් සහ බැටරි කිහිපයක්ද සොයා ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දැනට බූස්ස බන්ධනාගාරය තුළ ජංගම දුරකථන සංඥා අක්‍රීය කිරීමේ උපකරණද සවිකර ඇත.
