කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ලැබූ නාවික හමුදාවේ ආසාදිතයින් ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව නාවික හමුදාව ප්රකාශ කරයි. ඒ, තවත් කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
ඊයේ දිනයේ දි නාවික හමුදාවෙන් ආසාදිතයින් වාර්තා වී නැති අතර මෙතෙක් වාර්තා වී ඇති නාවික හමුදාවේ සමස්ත ආසාදිතයින් ගණන 905ක් වේ.
එමෙන්ම, දැනට නාවික හමුදාවේ රෝහල්ගතව ප්රතිකාර ගනු ලබන සක්රීය ආසාදිතයින් ගණන 11ක් පමණක් වේ.
