Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

වැලිකඩ 315 දෙනාට කොරෝනා නොමැති බවට තහවුරු වෙයි

වැලිකඩ බන්ධනාගාරයෙන් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසු එහි සිටින වෙනත් රැඳවියන් 315 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එම කිසිදු රැඳවියෙකුට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඉකුත් 07 වැනිදා අනාවරණය වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සහ නිලධාරීන් 315 දෙනෙකු මෙලෙස ඉකුත් 07 වැනිදා සහ ඊයේ (08) දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන ලදී.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 238 දෙනෙකු ද නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි. එම පිරිස කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා සමඟ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ රැඳවියන් පිරිසක් සහ ඔවුන් සමග සිටි පිරිසක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Giraya News Alerts

ඉකුත් 07 වැනිදා ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැඳවියන් 204 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ අතර රාජගිරිය ආයුර්වේද රෝහලට ද බන්ධනාගාර නිලධාරීන් 09 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව, මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 451 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top