Advertise with Giraya
NEWS

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් මැලේරියා ආසාදිතයින්

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි.

පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 05 දෙනෙකුට සහ මීගමුව වයිකාල් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් තිදෙනෙකුට මෙලෙස මැලේරියාව ආසාදනය වී ඇති බව සඳහන් වේ.

2012 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළින් කිසිදු මැලේරියා රෝගීයෙකු වාර්තා නොවූව ද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

Giraya News Alerts

පසුගිය වසරේ පමණක් එලෙස විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 53 දෙනෙකුට මැලේරියාව ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කෙසේවෙතත්, එකවර වැඩි පිරිසක් මැලේරියා රෝගීන් ලෙස හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැලේරියා අවදානම් රටවල සිට පැමිණෙන සියලු පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණයට අමතරව මැලේරියා පරීක්ෂණයකට ලක් කිරිමට ද තීරණය කර තිබේ.

ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන අවට මැලේරියා මදුරුවන් මර්දනය කිරිම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top